නිව්යෝක් නගරය ගිලා බහිනවා



ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය වසරකට මිලිමීටර්  1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් ගිලා බසින බවත්, නගරයේ ඇතැම් ස්ථාන මිලිමීටර 4.5 ක් ගිලා බැස ඇති බවත් නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

නිව්යෝක් නගරය පුරා ඉදි කළ අහස සූරන මහා ගොඩනැගිලිවල බර සහ දේශගුණික විපර්යාස ද හේතුවෙන්, මෙසේ නගරය ගිලා බැසීම ආරම්භ වී ඇතැයි අධ්‍යයනය සිදු කළ ඇමෙරිකන් භූ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

නිව්යෝක් නගරය ගිලා බසින ආකාරය පරිගණක ඇනුරු යොදා ගනිමින් පෙන්වා දීමට ද විද්‍යාඥයෝ කටයුතු කළහ. නගරය ගිලා බැසීම ගණනය කිරීමට භූ සමීක්ෂණ චන්ද්‍රිකා දත්ත ද යොදා ගෙන ඇතැයි පැවැසෙයි.

අධ්‍යනය කළ භූ විද්‍යාඥ කණ්ඩායම නිව්යෝක් නගරය පුරා ඇති දැවැන්ත ගොඩනැගිලි 1,084,954ක ස්කන්ධය මැන බලා ඇති අතර, ඒ අනුව නිව්යෝක් නගරය පුරාවට ඇති ගොඩනැගිලිවල සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් බිලියන 762 ක් බව අනුමාන කර ඇත.

නිව්යෝක් නගරයේ මුහුදු මට්ටම ගෝලීය මුහුදු මට්ටම ඉහළ යන වේගයට වඩා දෙගුණයකින් ඉහළ යන බවත් 2050 වසර වන විට නිව්යෝක් නගරයේ මුහුදු මට්ටම අඟල් 8 ත් 30 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර ඇති බවත් පර්යේෂකයන් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS