නවසීලන්ත දේශසීමා යළි ඇරේ



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් විදෙස් සංචාරකයන්ට වසා දැමුණු නවසීලන්ත දේශසීමා වසර දෙකකට පසු යළි විවෘත කෙරුණි.

නවසීලන්තය විදෙස් සංචාරකයන්ට එරට දේශසීමා වසා දැම්මේ 2020 මාර්තු මාසයේය. පසුගිය පෙබරවාරියේ නවසීලන්ත රජය, නවසීලන්ත වැසියන් වෙනුවෙන් දේශසීමා විවෘත කළ අතර, අද (1) සිට ඕනෑම විදේශිකයකුට නවසීලන්තයට පැමිණිය හැකි බව රජය නිවේදනය කළේය.

ගුවන් මගීන්ට පමණක් නොව, සංචාරක කෲස් නෞකා මගීන්ට ද නවසීලන්තයේ වරාය විවෘත වී ඇතැයි නවසීලන්ත රජය පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS