ජපානයට ප්‍රචණ්ඩ සුළි කුණාටුවක්



කාලගුණ විද්‍යාඥයන් විසින් 'නන්මඩෝල්' යන නමින් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව දකුණු දිග ජපානයට කඩා වැදුණි.

සුළි කුණාටුව ජපානයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 162 ක වේගයකින් යැයි පැවැසෙයි.

සුළි සුළං තත්ත්වය හේතුවෙන් පළාත් රැසකට විදුලිය අහිමි වී ගොස් ඇති අතර, අධික වර්ෂාව හේතුවෙන් පළාත් රැසක් යටවී හමාරය.

ජපානය දූපත් සමූහයකින් සැදුණු රාජ්‍යයයකි. සුළි කුණාටුව දකුණු දෙසින් පිහිටි යකුෂිමා දූපත හරහා ගොස් උතුරු දෙසින් පිහිටි කියෝෂු දූපත බලා ගමන් කරන බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS