චීනය දැන් ලොවට විවෘතයි



කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරමින් විදෙස් සංචාරකයින් වෙනුවන් වසර 3 කට පසුව සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට චීනය තීරණය කර තිබේ.

ඒ අනුව අද (15) සිට සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ද පැවැසෙයි.

ශුන්‍ය කොවිඩ් පාලන ප්‍රතිපත්තියට ජනතා විරෝධය එල්ල වූ බැවින්,  චීනය, කොවිඩ් සීමා ලිහිල් කිරීමට තීරණය කළේ පසුගිය වසරේය.

ඉන්පසු කොවිඩ් වසංගත තත්ත්වයක් නිර්මාණය වුණත් පසුව එය ක්‍රමයෙන් පහව ගියේය.

අද (15) සිට රට සම්පූර්ණයෙන් සංචාරකයන්ට විවෘත කෙරෙන්නේ ද කොවිඩ් සීමා ලිහිල් කිරීමේ අවසන් පියවර ලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS