චීනයත් තායිවානයත් අවුළුවා පෙලෝසි යයි



චීනයේ දැඩි විරෝධය මැද තායිවානයට පැමිණි ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පොලෝසි ප්‍රමුඛ ඇමෙරිකන් නියෝජිත කණ්ඩායම ඊයේ (3) සවස තායිවානයෙන් පිටවී ගියේ තායිවානයත් චීනයත් අතරේ නව අර්බුදයක් නිර්මාණය කරමිණි.

කතා නායිකා නැන්සි පොලෝසි කියා සිටියේ, තමන් ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම පෙර දැනුම් දීමකින් තොරව තායිවානයට පැමිණියේ තායිවානයට සහාය දැක්වීමක් ලෙස බවය.

තායිවානය යනු චීනය අසල පිහිටි කුඩා දූපත් රාජ්‍යයකි. අතීතයේ තායිවානය චීනයේ කොටසක් විය. වර්තමානයේ තායිවානයට වෙනම පාලනයක් ඇති නමුත්, චීනය විශ්වාස කරන්නේ තම පාලනයෙන් ගිලිහුණු තායිවානය තමන්ගේ කොටසක් ලෙසය‍. සෙසු රටවල් තායිවානය සමඟ සබඳතා පැවැත්වීමට චීනය විරෝධය දක්වන්නේ ද එහෙයිනි.

තායිවාන ජනාධිපතිනී ත්සායි ඉන්ග් වෙන් හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදී, 82 හැවිරිදි පෙලෝසි කියා සිටියේ චීනයේ 'මැරකම්වලට' හිස නොනමන තායිවානයට ඇමෙරිකාවේ පූර්ණ සහාය ලැබෙනු ඇති බවය.

පෙලෝසි, පෙර දැනුම් දීමකින් තොරව තායිවානය බලා පැමිණියේ ආසියානු සංචාරයක් අතරතුරේය. කෙසේ නමුත් ඇය තායිවානයට පැමිණෙන බව චීනය දැන සිටියේය.

චීන රජය දිගින් දිගටම ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේ නැන්සි පෙලෝසි තායිවානයට පැමිණියහොත් බරපතල ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

පොලෝසි, තායිපේ අගනුවරට පැමිණි සැණින්, චීන රජය එරට ඇමෙරිකන් තානාපති නිකලස් බර්න්ස් කැඳවා ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කළේය. ඉන්පසු තායිවානයට තර්ජනයක් වන ආකාරට යුද අභ්‍යාසයක් දස පැවැත්වීය. තායිවානයට ආර්ථික සම්බාධක පැනැවීමට ද චීනය කටයුතු කළේය.

ගතවුණු වසර 25 ඇතුළත, තායිවානයට පැමිණි ඉහළතම ඇමෙරිකන් දේශපාලනඥයා ලෙස පොලෝසි ය‍. තායිවානයේ කෙටි සංචාරය අතරතුරේ ඇමෙරිකන් කතා නායිකාව තායිවාන පාර්ලිමේන්තුව ද ඇමතුවාය. ඒ අනුව තායිවාන පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ ඉහළ පෙළේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස ඇය සැලකෙයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, තායිවාන රජයට සහාය පළ කරයි. පෙලෝසි, බයිඩන් නියෝජනය කරන ඩිමොක්‍රටික් පාක්ෂිකාවකි. එසේ වුවත් කතා නායිකාව තායිවානයේ සංචාරය කිරීම සිදුවන්නේ බයිඩන් පරිපාලනයේ අනුග්‍රහය යටතේ නොවන බව බයිඩන් පරිපාලනය චීනයට දන්වා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS