කසක්ස්තානයේ මාරක නියුමෝනියා රෝගී තත්ත්වයක්



‘කොවිඩ් 19’වලට අමතරව, මාරක නියුමෝනියා රෝගී තත්ත්වයක් කසක්ස්තානයේ පැතිර යමින් පවතින බවත්, මෙම රෝගයට ගොදුරු වූ කසක්ස්තාන වැසියන් ගණන 5,229 ක් බවත්, ගතවුණු පැය 24 ඇතුළත දෙදෙනකු මියගිය බවත් වාර්තා වේ.

මෙම රෝගී තත්ත්වය ‘කොවිඩ් 19’ නොවන බවත්, කසක්සාතයේ ‘කොවිඩ් 19’ වයිරසය ද ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර තිබේ. කසක්ස්තානයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 2,087 කි.

කසක්ස්තානය පසුගිය දින කීපය පුරා ලෝකයේ අවධානය දිනා ගත්තේ, එරටහටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙනි. ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේ එල්.පී. ගෑස් මිල ඉහළ දැමීමට රජය කටයුතු කළ බැවිනි.  

(රොයිටර්)


RECOMMEND POSTS