කම්පාලා අගනුවර පිපිරිම් දෙකක්



අප්‍රිකාවට අයත් උගන්ඩා රාජ්‍යයේ කම්පාලා අගනුවර ප්‍රබල පිපිරීම් දෙකක් සිදුවිය. පළමු පිපිරීම සිදුවූයේ පොලිස් මූලස්ථානය අසලය. මිනිත්තු කීපයක් යද්දී දෙවැනි පිපිරීම සිදුවූයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිවිසුම ආසන්නයේය.

පොලිසිය පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවය. රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ තුවාල ලැබූ 24 දෙනකු රෝහල්වලට ඇතුළත් කෙරුණු බවය. ඒ අතරින් සිවු දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS