ඕනෑම දේකට ඔට්ටු හමුදාවක් හදනවා



ඇමෙරිකාවේ පසමිතුරු ප්‍රතිපත්ති හමුවේ, 'අති ප්‍රබල' හමුදාවක් ගොඩනගන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රතිඥා දී ඇත.

නායක කිම් ජොන් උන් මේ බව කියා සිටියේ, උතුරු කොරියාවේ හමුදා ශක්තිය පෙන්වමින් පැවැති හමුදා ප්‍රදර්ශනයක් අතරතුරේදීය. උතුරු කොරියාව නිපදවූ දිගු දුර ප්‍රබල මිසයිල රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණි.

'අති ප්‍රබල' හමුදාවක් ගොඩනගන්නේත් මිසයිල අත්හදා බැලීම් සිදු කරන්නේත් යුද්ධ කිරීමට නොව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවත්, රටක් ලෙස තමන්ට ආරක්ෂාවීමට අයිතියක් ඇති බවත් එම අවස්ථාවේදී නායක කිම් ජොන් උන් වැඩිදුරටත් පැහැදිලි කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS