ඔලිම්පික් ගම්මානයෙන් ආසාදිතයෙක්



ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් කොරෝනා ආසාදිතයකු වාර්තා වී ඇතැයි ඔලිම්පික් සංවිධායකයෝ පවසති.

ඒ අනුව, ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන විදෙස් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බව ඔලිම්පික් සංවිධායකයන් අවධාරණය කර තිබේ.

කොරෝනා ආසාදිතයකු ලෙස තහවුරු වී ඇත්තේ තරග සංවිධානයට පැමිණි විදේශිකයකු යැයි ටෝකියෝ ඔලිම්පික් කමිටු සභාපති ටොෂියෝ මූටෝ මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ඔලිම්පික් ගම්මානයට පැමිණ ඔලිම්පික් උළෙල අවසන් වනතුරු එහි රැඳී සිටීමට නියමිත පිරිස 18,000 වැඩි යැයි ද පැවැසෙයි.

ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 2020 වසරේදීය. එය මෙම වසරට කල් දැමු‍‍ණේ 'කොවිඩ් 19' වසංගතය හේතුවෙනි.

මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වුවත් ක්‍රීඩාංගාරවලට නරඹන්නන් සහභාගී කර ගැනීමක් සිදුනොවෙයි. සියලු ක්‍රීඩා ඉසව් රූපවාහිනී නාළිකා ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

(රොයිටර්)


RECOMMEND POSTS