ආර්ථික කටයුතු හමුදාපතිට අදාල නෑ



ආර්ථික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම හමුදා ප්‍රධානියාගේ කාර්යයක් නොවන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉකුත් දිනෙක පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කර තිබෙන ණය මුදල ඉක්මනින් ලබාගැනීම සඳහා පාකිස්තානයේ හමුදාපති ජෙනරාල් ජාවේද් බාජ්වා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහාය ඉල්ලා ඇත.

හිටපු අග්‍රාමාත්‍යවරයා ඉහත චෝදනාව කළේ හමුදාපතිවරයාගේ එම ඉල්ලීමෙන් පසුව ය.

පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ණය මුදලක් අපේක්ෂා කරමින් සිටින අතර එය ඉක්මනින් ලබාගැනීම සඳහා සහාය වන්නැයි පාකිස්තානයේ හමුදා ප්‍රධානී ජෙනරාල් කමර් ජාවේද් බාජ්වා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇත.

ආර්ථික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම හමුදාපතිවරයාගේ කාර්යයක් නොවන බව පාකිස්තානයේ, පාකිස්තාන් තරීක්-අයි-ඉන්සාෆ් (පී.ටී.අයි.) පක්ෂයේ සභාපති සහ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉකුත් සිකුරාදා පැවැසීය.

පාකිස්තානයේ ජියෝ ටීවී පුවත් සේවය මේ බව වාර්තා කර තිබිණි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදල ඉක්මන් කර දෙන්නැයි හමුදාපතිවරයා ඇමෙරිකාවෙන් ඉල්ලූ බව පුවත සත්‍ය නම්, එහි තේරුම් අපි (පාකිස්තානය) දුර්වල වෙමින් සිටිනවා යන්න”යැයි හිටපු අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය, පාකිස්තානයට උපකාර කරන්නේ නම් ඊට ප්‍රතිචාර ඔවුන් ඒ වෙනුවෙන් යමක් බලාපොරොත්තු වන්නේ ද යනුවෙන් ද පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා විමසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්තානයට ලැබීමට නියමිත ණය මුදල ඉක්මනින් ලබාගැනීම සඳහා උපකාර කරන්නැයි එරට හමුදාපතිවරයා, ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉල්ලීමක් කර ඇතැයි නිකී ඒෂියා පුවත් සේවය ඉකුත් සිකුරාදා වාර්තා කළේ ය.

ජියෝ පුවත් සේවයට අනුව නැවත ආරම්භ කෙරෙන ණය වැඩසටහනක් යටතේ පාකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණයක් ලැබීමට නියමිතව ඇත. මේ සඳහා කෙරෙන ක්‍රියාවලිය ඉක්මන් කරන්නැයි පාකිස්තාන හමුදාපතිවරයා ධවල මන්දිරයෙන් සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ.එන්.අයි.


RECOMMEND POSTS