අල් කයිඩා නායක සවාහිරි මරා දැමේ



ඔසාමා බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා බවට පත් වුණු ඊජිප්තු ජාතික අයිමාන් අල් සවාහිරි ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන තලේබාන් රජය සිය අප්‍රසාදය පළ කර තිබේ.

නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාර එල්ල කරමින්, සවාහිරි ඝාතන කිරීමට ඇමෙරිකන් හමුදාව සමත් වූයේ සී.අයි.ඒ. බුද්ධි තොරතුරු අනුවය. එම අවස්ථාවේ, සවාහිරි, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ස්ථානයක සැඟවී සිටි අතර, සී.අයි.ඒ. බුද්ධි අංශය ඒ බව තහවුරු කර ගැනීමෙන් පසු, ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේය. ඒ, පසුගිය 31 වැනිදාය.

ඇමෙරිකන් හමුදා තමන්ට නොදන්වා, තම ගුවන් සීමාව උල්ලංඝනය කරමින් සවාහිරි ඝාතනය කිරීම අන්තර්ජාතික ප්‍රතිපත්තීන් උල්ලංඝනය කිරීමක් බවත්, 2020 වසරේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් ව යද්දී තලේබාන් රජය සමඟ ඇති කරගත් ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවත් තලේබාන් රජයේ ප්‍රකාශක සහිබුල්ලා මුජහිද් පවසා තිබේ.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 ඔක්තෝබරයේය. හේතුව එම වසරේ සැප්තැම්බර් 11 වැනිදා බින් ලාඩන්ගේ අල් කයිඩාව, ඇමෙරිකාවට එල්ල කළ ප්‍රහාරයයි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මහ මොළකරුවකු ලෙස අල් සවාහිරි සැලකෙයි.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ සැඟවූයේ තලේබාන්වරුන්ගේ ආරත්ෂාව යටතේය. ඇමෙරිකාව තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ඒ අනුවය.

සවාහිරි මියගිය බව ඇමෙරිකන් හමුදාව සහ සී.අයි.ඒ. බුද්ධි අංශය තහවුරු කළේ අද (2) දිනයේ ය. එසැණින්, ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශය සවාහිරිගේ ඝාතනය මාධ්‍ය වෙත අනාවරණය කළේය.

දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදනය වී, යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, නිරෝධායනයේ සිට අල් සවාහිරි ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත වීඩියෝ පණිවුඩයක් නිකුත් කළේය.

ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වය යටතේ අල් කයිඩා ත්‍රස්ත සංවිධානය ඇමෙරිකාවට පහර දුන්නේ 2001 සැප්තැස්බර් 11 වැනිදාය. ඒ, මගී ගුවන් යානා පැහැර ගනිමිනි.

ඇමෙරිකාවට මෙන්ම ලෝකයට තර්ජනයක් වුණු අල් කයිඩා නායක සවාහිරි ඝාතනය කිරීමට හැකි වුණු බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත් ජනාධිපති ජෝ බයිඩන් නිකුත් කළ එම වීඩියෝ පණිවුඩයේ සඳහන් වෙයි.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මහ මොළකරුවකු වන්නේ සවාහිරි ය. ඊට අමතරව, 1998 වසරේ දී කෙන්යාවේත්, ටැන්සිනියාවේත් ඇමෙරිකන් තානාපති කාර්යාලවලට අල් කයිඩාව පහර දෙද්දී, එම ප්‍රහාර සැලැසුම් කළ බව පැවැසෙන්නේ ද සවාහිරි යැයි ද පැවැසෙයි.

සවාහිරි ඝාතනය සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන් රජය සිය අප්‍රසාදය පළ කර තිබේ. ඇමෙරිකන් හමුදා 2020 වසරේ ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු තලේබාන් සංවිධානය යළි රටේ බලය අල්ලා ගනිමින් ආණ්ඩුවක් පිහිටුවීය. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ තලේබාන් සංවිධානය සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුමකට අනුවය. සවාහිරි ඝාතන කරමින් ඇමෙරිකාව එම ගිවිසුම සහ ජාත්‍යන්තර ප්‍රතිපත්ති උල්ලංගනය කළ බවට තලේබාන් රජය වෙනුවෙන් එහි ප්‍රකාශක සබිබුල්ලා මුජාහිද් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 වසරේ ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය මෙහෙයවූ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගන් තලේබාන් රජයේ ආරක්ෂාව ලැබ ඇෆ්ගනිස්තානයේ සැඟවීමය.     ඇමෙරිකන් ආක්‍රමණයත් සමඟ තලේබාන් සංවිධානය පෙරළා දැමුණු අතර තලේබාන්වරුන් අවි අතට ගෙන ඇමෙරිකන් හමුදා සමඟ සටන් වැදුණි. ඇමෙරිකන් හමුදා, ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කරමින්, ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ වසර 19 කට පමණ පසුවය.

ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශය සහ ඇමෙරිකන් නේවි සීල් භටයන් එක් වී ඔසාමා බින් ලාඩන් ඝාතනය කළේ 2011 මැයි 2 වැනිදාය. ඒ වනවිට බින් ලාඩන් පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් වෙමින් සිටියේය. බින් ලාඩන්ගෙන් පසු සවාහිරි අල් කයිඩා නායකත්වයට පත් කර ගැනුණි. බින් ලාඩන් ඝාතය සිදුවෙද්දී ඔබාමාගේ දෙවැනියා මෙන්ම ඇමෙරිකන් උප ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ජෝ බයිඩන්ය.

ඊජිප්තු ජාතිකයකු වන අල් සවාහිරි අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකි. සවාහිරි උපත ලැබුවේ 1951 ජූනි 19 වැනිදාය. ඔහු වැදගත් සමාජයේ කැපී පෙනෙන උගත් පවුලක සාමාජිකයෙකි. සවාහිරි මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් වැඩි දෙනා වෛද්‍යවරුන්ය. සවාහිරිගේ සීයා ඉමාම් රබියා අල් සවේරි ඊජිප්තුවේ ප්‍රධාන සුන්නි මුස්ලිම් ආගමික නායකවරයාය. සවාහිරිගේ මාමා අරාබි ලීගයේ පළමු මහ ලේකම්වරයාය.

1997 දී අල් සවාහිරි ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවරට පැමිණි අතර ඔහුට ඔසාමා බින් ලාඩන් හමුවිය. සවාහිරි සහ ඔහු නායකත්වය දුන් ‘ඊජිප්තු ඉම්ලාමීය ජිහාද්’ කල්ලිය සහ තවත් ඉස්ලාමීය කණ්ඩායම් හවුල් කර ගනිමින් ඔසාමා බින් ලාඩන් ‘අල් කයිඩාව’ ශක්තිමත් කළේ ඉන් පසුවය. සවාහිරි, ‘අල් කයිඩා’ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ද විය.

(රොයිටර්)


RECOMMEND POSTS