අමුතුම අත්දැකීමක් VR
මෘදුකාංග සංවර්ධකයන්ගේ අරමුණ වන්නේ සෑම මොබයිල් App එකකින්ම පරිශීලකයින් අපේක්ෂා කරන ඉහළම ක්රියාකාරීත්වයන් සමග වඩාත් හොඳ පරිශීලක අත්දැකීමක් ලබා දීමයි. ස්මාර්ට් ෆෝන්වල දැනටමත් පවතින විශේෂාංග සහ හැකියාවන් සමග developersලාට ඉතා පහසුවෙන් මෙම ඉලක්කය කරා ළඟා වීමට හැකි වේ.
VR ලෙස හදුන්වන්නේ චිත්‍රපට නැරඹීම වැනි විනෝදාස්වාද අරමුණු සඳහා භාවිතා කරන බව බොහෝ දෙනාගේ අදහස යි. එහෙත් පරිශීලකයන්ටත්, developersලාටත් ඊටත් වඩා පුළුල් අභියෝග, ප්රතිලාභ සහ අත්දැකීම් ගෙන එන්නට එමගින් හැකියාව ලැබී ඇත.
VR හෙවත් Virtual Reality මඟින් පරිශීලකයාව සම්පූර්ණයෙන්ම සකසන ලද නමුත් සත්‍යරූපී බවින් ඉහළ වෙනත්ම ලෝකයකට ගෙනයනු ලබයි. මෙතෙක් කල් චිත්‍රපට, පරිගණක ක්‍රීඩා හරහා ඒවායේ කැමරා ඇස හරහා ලද සීමාකාරී ෆැන්ටසි අත්දැකීමෙන් ඔබ්බට යමින් තමාට එය තුළ රිසි ආකාරයට ජීවත් වීමේ හැකියාව ලැබී මෙමගින් ලැබී තිබේ.
විශේෂිතව සකසන ලද VR හෙඩ්සෙට්වලට අමතරව ස්මාර්ට්ෆෝන් එක හරහාම අත්විඳීමට අවස්ථාව ඇති නිසා මෙහි ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇති වූ අතර විවිධ Apps Install කරගනිමින් විවිධ ලෝකවල සැරිසරන්නට අවස්ථාව ලැබේ. එයට මං පෙත් පාදන්නට developersලාට අසීමිත අවස්ථාවන් ප්‍රමාණයක් ලැබී තිබේ.
අන්තර්ජාල වෙළඳපොළකට වෙබ් අඩවිය හරහා පිවිසෙනවා වෙනුවට සාමාන්‍ය වෙළඳපොළකට යන්නාක් සේ VR හරහා ගොස් භාණ්ඩ පරීක්ෂා කර බලා මිල දී ගැනීම, සේවක සහාය ලබා ගැනීම මඟින් අලෙවිකරණය නව මාවතකට යොමු වේ.
ෆේස්බුක් හෝ වට්ස්ඇප් Group call එකක් වෙනුවට මිතුරන් සමග ආලින්දයක වාඩිවී කතා කිරීම, දුර සිටින ආදරවන්තිය සමග රැයක අයිෆල් කුලුන පාමුල හිඳ පැය ගණනක් කතා කිරීම සන්නිවේදනයේ නිම් වළලු පුළුල් කරනු ඇත.
පාරිභෝගික අවශ්‍යතාවන් දිනෙන් දින වෙනස් වන්නේ අලුතින් ආ තාක්ෂණයන් ‘සම්ප්රදාය’ බවට පත්වන නිසා යි.
කලකට පෙර රූපවාහිනිය මැජික් වුවත් දැන් දරුවන්ට එය උපතේ සිටම නිවසේ ඇති තවත් එක් භාණ්ඩයක් පමණි. ගතට දැනෙන සංවේදනයන් සෑම විටම අලුත් වන විට එතැන වෙළඳපොළක් ගොඩ නැගේ.
අපේ වානර මුතුන්මිත්තන් ලුණු හෝ නොමැතිව මස් අනුභව කළත් අපිට දැන් BBQ කර හෝ තුනපහ නොදමා ඒවා කෑ නොහැකි ය. අලුතින් කන හෝටලය කලින් කෑ එකට වඩා වැඩි රසක් දෙන්නේ නම් අපි අලුත් එක වෙතම යන්නට පෙළඹෙන්නෙමු. මේ මිනිසුන්ගේ ස්වභාවයයි. එයට අනුගත වෙමින් නව අවශ්‍යතා සපුරාලීම ව්‍යාපාරිකයන්ගේ සහ මෘදුකාංග සංවර්ධකයන්ගේ සාර්ථකත්වය සනිටුහන් කරයි.
ජයනි සිතාරි අල්විස්