මුලින් ආවේ බිත්තරයද? කිකිළිද?
මුලින්ම ආවේ බිත්තරයද? කිකිළිද? අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මෙය අනාදිමත් කාලයක පටන්, විද්‍යාඥයන් අන්දුන් කුන්දුන් කළ ප්රශ්නයකි. ඒත් දැන් මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීමට විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. ඔවුන් පෙන්වා දෙන ආකාරයට මුලින්ම ආවේ කිකිළිය නොව; බිත්තරයයි.
මුලින්ම ආවේ බිත්තරයද? කිකිළිද? යන්නට බිත්තරය වනුවෙන් පිළිතුරු දීමට සමත් වී සිටින්නේ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර විද්‍යාඥයන් පිරිසකි. ඔවුන් පෙන්වා දෙන්නේ මුලින්ම පරිණාමය වූයේ ස්ත්‍රී ප්‍රජනක සෛල ගොඩනැගීමේ කොටස් බවය. ඒ අනුව, කිකිළියට පෙර බිත්තරය බිහි විය.
ජිනිවා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්, මේ ගැන පැහැදිලි කරන්නේ ඒක සෛලී ජීවයකු උදාහරණයට ගනිමිනි. මේ ජීවියා ක්රොමොස්පීරියා පර්කින්ස්කී Chromosphaera perkinskii ය. වසර බිලියන ගණනක් පැරැණි මෙම ජීවියාගේ අවශේෂ 2017 වසරේ දී සොයා ගැනීම සිදුවූයේ හවායි දූපත්වල සාගරයේ අවසාදිත පාෂාණ තට්ටු අතරිනි.
මේ ජිවියා මිහිමත ජීවත් වූයේ වසර බිලියනයකට පෙර එනම් පළමු ජීවීන් බිහි වීමට පෙරය. ඒක සෛලී ජීවියකු වූ ක්රොමොස්පීරියා පර්කින්ස්කීට, බහු සෛලී ජීවීන්ගේ ගති ලක්ෂණ පිහිටා ඇති බව විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත. ඒ අනුව, ක්රොමොස්පීරියා පර්කින්ස්කීගේ සත්ව කළලවල බහු සෛලී ව්‍යුහයන් දකින්න ලැබෙයි.
කළලයක් බවට වර්ධනය වීමේ ක්‍රියාවලිය, කළල වර්ධනයට හේතු වන ජානමය කොටස් සතුන් බිහිවීමට පෙර පැවැති බව යිද්යාඥයන් පෙන්වා දෙන්නේ ඒ අනුවය. බිත්තරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ජානමය ද්‍රව්‍ය, අතීතයේ ස්වභාවිකව පැවැතිණි. ඒ කිකිළිය බිහිවීමට පෙරය.
‘ක්රොමොස්පීරියා පර්කින්ස්කී ඒක සෛලී ජීව විශේෂයක්. එසේ වුවත් ක්රොමොස්පීරියා පර්කින්ස්කීට බහු සෛලී ජීවීන්ගේ ගති ලක්ෂණ අන්තර්ගත වුණා. ඒ, මිහිමත අප සතුන් ලෙස අද හඳුන්වන සියලු පණ ඇති දේ නිර්මාණය වීමට පෙර. ඒ අනුව, පොදුවේ, බිත්තරය තමයි මුලින් නිර්මාණය වුණේ. බිත්තර වර්ග, විශේෂයෙන් කිකිළි බිත්තර බිහිවීම සහ කුකුළන් කිකිළියන් බිහිවීම සිදුවන්න ඇත්තේ ඊට වසර මිලියන 300 කට පමණ පසුවයි.’ යැයි මෙම පර්යේෂණයට සම්බන්ධ එක් විද්‍යාඥවරියක වන ඔමායා ඩූබින් පැහැදිලි කරයි.
කකුළන් සහ කිකිළියන් ගොවිපොල සතුන් ලෙස ඇති කිරීමට මිනිසා යොමු වූයේ, කිකිළියන් බිත්තර දැමීමේ හැකියාව අනෙක් පක්ෂි විශේෂවලට වඩා වේගවත් බැවිනි. ගොවිපොළ සතුන් ලෙස මනුෂ්‍ය අප කුකුළන් සහ කිකිළියන් ඇති කිරීම ආරම්භ වූයේ වසර දහස් ගණනක සිටය.