විශාලතම සැපයුම්කරු වෙන්න හදයි



සෞදි අරාබිය විශාලතම හයිඩ්‍රජන් සැපයුම්කරු වීමට අවශ්‍ය බව සෞදි බලශක්ති අමාත්‍ය,  අබ්දුල් අසීස්  බින් සල්මාන් අල්-සවුද් ප්‍රකාශ කළේ ය.

2030 වන විට හයිඩ්‍රජන් ටොන් මිලියන 4 ක් පමණ නිෂ්පාදනය කර අපනයනය කිරීමට අදහස් කරන බව ඇමතිවරයා පැවසීය.

පොසිල ඉන්ධනවලට යොදවන ආයෝඡනය අඩු කරන බවත්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කරන බවත්, විදුලි මෝටර් රථ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS