විශාල ස්කෑන් යන්ත්‍රවලින් කොරෝනා අල්ලන්න යයි



කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා අබුඩාබි නුවර විශාල ස්කෑන් යන්ත්‍ර පිහිටුවීමට කටයුතු කරන බව වාර්තා වේ.

කොරෝනා ආසාදිතයන් හැකි ඉක්මණින් හඳුනාගැනීම සඳහා මෙම ස්කෑන් යන්ත්‍ර භාවිතා කරනු ලබයි.

යාස් දූපතේ පොදු ස්ථානවලට ඇතුළු වන ස්ථානවල සහ මුසාෆා නගරයට ඇතුළු වන සහ පිටවන, නම් කරන ලද ස්ථානවල ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ.

දැනට රෝගීන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය වේගවත් වන බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අබුඩාබි ආපදා කමිටුව ස්කෑන් යන්ත්‍ර සවිකිරීම සඳහා අවසර ලබා දී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS