දෙබිඩි දරුවන් වෙන් කරයි



ඊශ්‍රායලයේ දෙබිඩි දරුවන් දෙදෙනා සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානයේදි වෙන් කර ඇති බව වාර්තා වේ.

දරුවන් දෙදෙනාගේ හිසේ හි පිටුපස කොටසෙන් එකිනෙකාට සම්බන්ධව සිටි අතර, පැය 12කට වැඩි සැත්කමකින් පසු සාර්ථකව වෙන් කිරීමට වෛද්‍යවරු සමත් වී ඇත.

මෙය දුර්ලභ හා සංකීර්ණ සැත්කමක් වන බවත්, ලොව පුරා මෙවැනි ශල්‍යකර්ම 20ක් පමණක් සිදු කර ඇති බවත්, ප්‍රථම වතාවට ඊශ්‍රායලයේ දී සිදු කළ බව සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන ළමා ස්නායු ශල්‍ය වෛද්‍ය මිකී ගිඩියොන් පැවසීය.

දරුවන් දෙදෙනා හොඳින් සුවය ලබන බවත්, තනිවම හුස්ම සහ ආහාර ගනිමින් සිටින බව ඊශ්‍රායාල් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඔන් ඔන්ලයින්, ජෙරුසලෙම)


RECOMMEND POSTS