ටියුනීසියාව නොසන්සුන්



ටියුනීසියා ජනාධිපති කායිස් සායීද් එරට අග්‍රාමාත්‍ය හිචාම් මිචීචී ධුරයෙන් නෙරපා, පාර්ලිමේන්තුව තාවකාලිව අත්හිටුවීමත් සමඟ ඒරට දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, ටියුනිස් ඇතුළු ප්‍රධාන නගර රැසක විරෝධතාකරුවන් සහ කැරැලි මර්දන පොලිසිය අතර දරුණු ගැටුම් ඇවිළෙයි.

විරෝධතා පැවැත්වෙන්නේ රටේ ආර්ථික අර්බුදය සහ රට මුහුණ පා සිටින කොරෝනා උවදුර නිසි ලෙස කළමණාකරනය කර ගැනීමට රජයට නොහැකි වුණු බවට ජනතාව චෝදනා කරමිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අත්හිටුවීමට නියෝග කළත්, පාර්ලිමේන්තු කතා නායක රාචෙඩ් ගනොව්ච්චී පොලිස් අණ නොතකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සාහ ගත් අවස්ථාවේදී, ඔහු නියෝජනය කරන 'එනාහ්දා' පක්ෂ ආධාරකරුවන් සහ පොලිස් නිලධාරීන් අතරේ ද ගැටුම් හටගත් බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

මේ අතර ටියුනිස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ටියුනිස් අගනුවර අල් ජසීරා පුවත් කාර්යාලයට කඩා වැදුණු බවත් එහි සේවය කරමින් සිටි සියලු දෙනාට කාර්යාලයෙන් පිටවී යන්නැයි නියෝග කළ බවත් වාර්තා වේ.

(අල්ජසීරා)


RECOMMEND POSTS