වායු සමීකරණ යන්ත්‍ර 66ක් සොරා ගෙන



ඕමානයේ අල් අසායිබා ප්‍රදේශයේ නිවාස වලින් වායු සමීකරණ යන්ත්‍ර 66 සොරා‍ ගෙන ඇති බව වාර්තා වේ.

වායු සමීකරණ යන්ත්‍ර සොරකම් කළ පුද්ගලයන් හත් දෙනෙකු ඕමාන් රාජකීය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

සොරකම් කිරීම සහ කඩාකප්පල්කාරි ක්‍රියාවල නිතර වීම යන චෝදනා යටතේ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS