තවත් එන්නතක් අනුමත කරයි



කුවේට්ය තවත් කොවිඩ් -19 එන්නතක් අනුමත කිරීමට කටයුතු කර ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ඒ අනුව, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් නැමති කොවිඩ් -19 එන්නත ජනතාවට ලබාදීම සඳහා අනුමත කර ඇති අතර, කුවේටය අනුමත කළ හතර වන එන්නත මෙය වේ.

මීට පෙර, ෆයිසර් බයෝටෙක්, ඇස්ට්‍රාසෙනෙකා සහ මෝඩර්නා එන්නත්වලට අනුමතිය ලබාදීමට කුවේට් රජය කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS