කුමරු සිරියානු ජනපති සමඟ සාකච්ඡා අරඹයි



අබුඩාබි ඔටුන්න හිමි කුමරු සිරියානු ජනාධිපති සමඟ සාකාච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

අබුඩාබි ඔටුන්න හිමි කුමරු, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල්-නහියන් මැදපෙරදිග සංවර්ධනයන් පිළිබඳව  සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් සමඟ සාකච්ඡා කළ බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය  වාර්තා කළේ ය.

දෙරටේ විවිධ ක්ෂේත්‍රයන්ට අදාලව සහයෝගයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳවද සාකච්ඡා කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2018 අගභාගයේදී සිරියාව සමඟ  රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් යළි ආරම්භ කිරීමට කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS