සෞදියට පහර දෙන්න ඇවිත්



සෞදි අරාබියේ කමිස් මුෂයිට් නගරයට පහරදීම සඳහා හවුති ගරිල්ලන් ඩ්‍රෝනා යානාවක් එවා ඇති බව වාර්තා වේ.

සෞදි රාජකීය ගුවන් හමුදාවට අයත් කඳවුරකට තමන් එවන ලද ඩ්‍රෝනා යනාව ප්‍රහාර එල්ල කළ බව හවුති ගරිල්ලන් ප්‍රකාශ කරයි.

නමුත්, හවුති ගරීල්ලන්ගේ ඩ්‍රෝනා යානාව උඩුගුවනේදීම විනාශ කර දැමීමට කටයුතු කළ බව යේමනයේ සෞදි හමුදාව

ප්‍රමුඛ සන්ධාන හමුදාව ප්‍රකාශ කළ බව සෞදි රාජ්‍ය රූපවාහිනිය නාලිකාව වන අල්-එක්බාරියා නිවේදනය කර ඇත.
හවුති ගරිල්ලන් කමිස් මුෂයිට් නගරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බව සන්ධාන හමුදාව ප්‍රකාශ කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS