එක්සත් රාජධානියට ඍජු ගුවන් ගමන්



කුවේට්ය එක්සත් රාජධානිය සමඟ ඍජු ගුමන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

2021 ජුනි 13 දින සිට ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා කුවේට් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව සඳහන් කරමින් රජයේ සන්නිවේදන කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

බලපත්‍රලාභී සෑම ගුවන් සමාගමකටම සතියකට එක් සෘජු ගුවන් ගමනක් ලන්ඩන් නුවරට පියාසර කිරීම සඳහා අවසර ලබා දී ඇති බව ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS