කටාරයේ ව්‍යවස්ථාදායක ඡන්ද ක්‍රමයක්



කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි, එරට ප්‍රථම ව්‍යවස්ථාදායක ඡන්ද විමසීම සඳහා වූ මැතිවරණ නීති අනුමත කර තිබේ.

ඒ අනුව, ඔක්තෝබරයේ මැතිවරණයක් ද පැවැත්වීමට නියමිතය. නව මැතිවරණ නීති යටතේ, වයස අවුරුදු 18 ට වැඩි, කටාර් හි උපත ලැබූ වැසියන්ට ඡන්ද වරම් හිමිවනු ඇති අතර, අවුරුදු 30 ට වැඩි කටාර් වැසියන්ට ෂූරා කවුන්සිලයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබේ.

කටාර් මන්ත්‍රණ සභාව හැඳින්වෙන්නේ ෂූරා කවුන්සිලය ලෙසය. නව මැතිවරණ නීති අනුව මින් ඉදිරියට ආසන 45 කින් ෂූරා කවුන්සිලයට නියෝජිතයන් 30 දෙනකු තෝරා ගැනීම සිදුවන්නේ ජනතා ඡන්දයෙනි. සෙසු ආසන 15 සඳහා නියෝජිතයන් පත් කිරීම සුපුරුදු පරිදි කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානිගේ අභිමතය පරිදි සිදුවනු ඇතැයි පැවැසෙයි.

කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ෂෙයික් කාලිඩ් බින් කලීෆා අල් තානි පෙන්වා දී ඇත්තේ, කටාරයේ මැතිවරණ දිස්ත්‍රික්ක 30 කට බෙදා ඇති බවත් එම සෑම දිස්ත්‍රික්කයක් සඳහාම එක් අපේක්ෂකයෙකු බැගින් තෝරා ගන්නා බවත්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS