ලෙබනනයට යන්න එපා : සෞදිය කියයි



ලෙබනන් රාජ්‍යයට ගමන් කිරීමෙන් වළකින ලෙස සෞදි අරාබිය නියෝග කර ඇති බව වාර්තා වේ.

බේරූට් නගරයේ පසුගිය බ්‍රහස්පතින්දා පැවති ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව අදාල නියෝගය නිකුත් කිරීමට සෞදි අරාබිය කටයුතු කර ඇත.

දැනට ලෙබනන් රාජ්‍යයේ රැඳී සිටින සෞදි ජාතිකයින්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, සැමවිටම ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස සෞදි රජය දැණුම් දී ඇත.

ලෙබනන් රාජ්‍යයට ගමන් කිරීමට අවශ්‍ය පුද්ගලයින් පූර්ව අවසරය ලබා ගත යුතු බවට විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS