විශ්වයේ මූලාරම්භය ගැන සොයන්න යයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විශ්වයේ මූලාරම්භය පිළිබඳව දත්ත රැස් කිරීම සඳහා
ගවේෂණයක් ආරම්භ කිරීමට යන බව වාර්තා වේ.

අඟහරු සහ බ්‍රහස්පති අතර ඇති ග්‍රහකයක් පිළිබඳව සොයා බැලීම සඳහා අභ්‍යාවකාශ යානයක් යැවීමට සැළසුම් කරන බව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නිවේදනය කළේ ය.

යම් හෙයකින් මෙම ගවේෂණය සාර්ථක වුවහොත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය යුරෝපා සංගමය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් මට්ටමටම පැමිණෙන බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත.

මෙම ගවේෂණය 2028 දියත් කිරීමට සහ 2033 දී ග්‍රහකය මත යානය ගොඩබෑමට සැළසුම් කර ඇති අතර, වසර පහක කාලය තුළ කිලෝමීටර් බිලියන 3.6 ක් (සැතපුම් බිලියන 2.2) පමණ යානය ගමන් කරයි.

යානයේ ඇති බැටරියේ ජීව කාලය පවතින තුරු පෘථිවිය සමඟ දත්ත හුවමාරු කර ගනිමින්  ග්‍රහකය පිටුපස රැඳී සිටිනු ඇත.

මෙහිදි එකතු කරනු ලබන දත්ත මොනවාද යන්න තවමත් සාකච්ඡා කෙරෙමින් පවතින බවත්, ගවේෂණයට පෙර විශාල අභියෝග රාශියකට මුහුණදීමට සිදුවන බව එමිරේට්ස්  අභ්‍යවකාශ ඒජන්සියේ සභාපතිනි සහ උසස් තාක්‍ෂණ රාජ්‍ය ඇමතිනි, සාරා අල්-අමිරි පැවසුවාය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්,ඩුබායි නුවර)


RECOMMEND POSTS