විදේශීය වෛද්‍යවරුන්ට ගෝල්ඩ් වීසා දෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය විදේශීය වෛද්‍යවරුන් 500කට වැඩි පිරිසකට ගෝල්ඩ් වීසා නිකුත් කර ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරුන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට වසර දහයක කාලයක් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රැඳී සිටිමට අවස්ථාව හිමි වේ.

ජාතික සෞඛ්‍ය සේවා අංශය ශක්තිමත් කර, වෛද්‍ය සේවාවන්හි කාර්‍යක්‍ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩි කිරීම වෛද්‍යවරුන්ට ගෝල්ඩ් වීසා ලබා දීමේ ප්‍රධාන අරමුණ වේ.

ගෝල්ඩ් වීසා බලපත්‍රයවලට අයදුම් කරන ලෙස එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උප-ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් වෛද්‍යවරුන්ට ආරාධනා කිරීමෙන් පසු වීසා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS