ඊශ්‍රායල තෙල් නැවකට ඉරානය පහරදීලා



ඊශ්‍රායල තෙල් සමාගමකට අයත් විදෙස් තෙල් නැවකට අරාබි මුහුදේ දී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්, ඉරානයට චෝදනා එල්ල වී තිබේ. නැවට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට චෝදනා කර ඇත්තේ ඊශ්‍රායල විදේශ ඇමැති යාර් ලුපිද්ය.

'එම්.වී. මර්සර්' නමැති මෙම තෙල් නැව ඊශ්‍රායල සමාගමකට අයත් වුවත්, එහි පරිපාලනය සිදුවන්නේ ලන්ඩන් නුවර සොඩියැක් මැරිටයිම් නැව් සමාගම හරහාය.

නැවට ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඕමානයට ඔබ්බෙන් අරාබි මුහුදේදීය. ප්‍රහාරයෙන් නැවේ සේවය කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ රොමේනියානු ජතිකයකු මියගිය බව විදෙස් ප්‍රවත් සේවා වාර්තා කර තිබේ. නැවට ප්‍රහාරය එල්ල වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (29) ය.

ඉරානයේ ත්‍රස්තවාදය ඊශ්‍රායලයට පමණක් නොව, මුළු ලෝකයටම තර්ජනයක් යැයි ඊශ්‍රායල විදේශ ඇමැතිවරයා, ඉරානයට දොස් නගමින් පවසා ඇත.

(බීබීසී ඇසුරිනි)


RECOMMEND POSTS