ටයර්වලින් පාරවල් හදන්න යයි



කුවේටයේ භාවිතයෙන් ඉවත් කර ඇති මිලියන 40කට අධික ටයර් යොදා ගනිමින් පාරවල් සකස් කිරීමට යන බව වාර්තා වේ.

දැනට භාවිතයෙන් ඉවත් කර ඇති ටයර් පරිසර හිතකාමී නිෂ්පාදන බවට පත් කිරීම සඳහා කටයුතු කරන අතර, ඇස්ෆල්ට් මිශ්‍රණය භාවිතා කරමින් පාරවල් සකස් කිරීමට සැළසුම් කර ඇත.

ටයර් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අල්-සල්මි නගරයේ ඉදිකර ඇති කර්මාන්තශාලාවට වාර්ෂිකව ටයර් මිලියන 3 ක ද්‍රව්‍ය නිස්සාරණය කර ඒවා විවිධ නිෂ්පාදන බවට පත් කිරීමේ හැකියාව පවතියි.

කුවේටය වඩාත් හරිත රටක් කිරීමේ අරමුණින් අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS