විදේශිකයන්ට කුවේටයට පැමිණෙන්න අවසර



කුවේට් රජය විදේශිකයන්ට කුවේටයට පැමිණීමට අවසර ලබා දෙන බව වාර්තා වේ. 

කොරෝනා මාත්‍රා දෙකම ලබාගෙන ඇති විදේශිකයන්ට අගෝස්තු 01 දින සිට කුවේට්යට පැමිණීමට අවසර ලබාදෙන බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරනවා.

ගුවන් ගතවීමට පෙර පි.සී.ආර් පරීක්ෂණයක් සිදු කරගත යුතු අතර, නිරෝධායනය වන කාල සීමාව තුළ තවත් පි.සී.ආර් පරීක්ෂණයක් සිදු කරගත යුතු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

 


RECOMMEND POSTS