අවයව දන් දෙන්න කුමරු කැමැත්තෙන්



සෞදි ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් අවයව පරිත්‍යාග කිරීමට ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.

සෞදි ජාතිකයන්ව අවයව පරිත්‍යාග කිරීමේ වැඩසටහනටඋනන්දු කිරීමේ අරමුණින් තම අවයව පරිත්‍යාග කිරීමට සෞදි කුමරු ලියාපදිංචි වී ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

අවයව බද්ධ කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවීමට සෞදි රජු කටයුතු කර ඇති අතර, කලින් එම මධ්‍යස්ථානය වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය ලෙස හැඳින් වු බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත.

අවයව පරිත්‍යාග කිරීමේ වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා ඉහළ පෙළේඅමාත්‍යවරුන් සහ නිලධාරීන් පැමිණ සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS