‘බෝයිං 747‘ ගිවිසුම අවලංගු කළ යුතු බව ට්‍රම්ප් කියයි



ජනාධිපතිවරුන්ගේ භාවිතය සදහා අලුතින් නිෂ්පාදනය කරනු ලබන ඇමරිකානු ඩොලර් බිලියන 4ක් වටිනා බෝයින් 747 වර්ගයේ ගුවන් යානා ගිවිසුම අවලංගු කළ යුතු බව නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අගහරුවාදා දින තම ටියුටර් ගිණුම හරහා කියා සිටියේය.

එහෙත් පෙන්ටගනය බලාපොරොත්තු වන්නේ බොයින් 747-200 ගවන් යානා 2017දි වසර 30ක සේවා කාලය සම්පූර්ණ කරන බැවින් ඒවා ඉවත්කර 747-8 නව ජෙටි ගුවන්යානාවන් ජනාධිපතිවරුන්ගේ භාවිතය සදහා 2023දි යොදවා ගැනීමටයි.

දැන් පවතින  747-200 යානයේ ඇති විශේෂත්වය වන්නේ සුව පහසුවෙන් ගමන්කර හැකි වන පරිදි අභ්‍යන්තරය නිර්මාණය කර තිබීම හා මහාද්වීප අතර ගමන් කිරීමේදි ජනාධිපතිවරයාට සහ පවුලේ සමාජිකයින්ට නිදාගැනීමට හා ජනාධිපතිවරයාගේ රාජකාරී කටයුතු කර ගැනීම සදහා අවශ්‍ය පහසුකෙම් මෙම ගුවන්යානය තුල නිර්මාණය කර තිබීමයි. 

ජනාධිපතිවරයා පවසන්නේ ගුවන්යානා සදහා වැයවන මුදල ආර්ථිකයට දරාගත නොහැකි බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අගහරුවාදා දින ට්‍රම්ප් ටවර්හි ඔහුගේ කාර්යාලයේදීය.

 

(බ්ලූම්බර්ග් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS