‘බෝම්බ අම්මට’ පාප්තුමාගෙන් විරෝධයක්



 
ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවට අයත් න්‍යෂ්ටික නොවන විශාලතම බෝම්බය ‘බෝම්බ අම්මා’ යනුවෙන් නම් කිරීම සම්බන්ධයෙන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ දැඩි විරෝධය පළ කරති. 
 
“ඒ නම ඇහුවාම මම දැඩි ලැජ්ජාවකටත් කනගාටුවකටත් පත්වුණා” යැයි වතිකායේදී සිසුන් පිරිසක් හමුවේ පාප්තුමෝ කීහ. 
“ඕනෑම අම්මා කෙනෙක් උපතක් දෙන කෙනෙක්. හැබැයි මේ අම්මා මිනිස්සු මරනවා. මිනිස්සු මරන මේ උපකරණයට අපි අම්මා කියනවා. මොකක්ද  මේ වෙන්නේ” යැයි පාප්වහන්සේ විමසූහ. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය ඉකුත් මාසයේදී න්‍යෂ්ටික නොවන විශාලතම බෝම්බය ලෙස සැලකෙන කිලෝග්‍රෑම් 9,800ක් බරැති බෝම්බය යොදාගනිමින් ඇෆ්ගනිස්තානයේ අයි.එස් ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් ත්‍රස්තයෝ 90ක් ජීවිතක්ෂයට පත්වූහ. 
 
හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර්)

RECOMMEND POSTS