‘බි‍්‍රක්සිට්’ යෝජනාවට කතානායකවරයා හරස් වෙයි



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සකස් කළ යෝජනාවට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කතානායක බර්කව්ගෙන් විරෝධයක් එල්ල වී ඇත.

කතා නායකවරයා අවධාරණය කළේ, අගමැතිනී තෙරේසා මේ ‘බි‍්‍රක්සිට්’ යෝජනාව යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම්, එහි මූලික කරුණු කාරණා සියල්ල සංශෝධනය කරමින් ඉදිරිපත් කළ යුතු බවය. එසේ සංශෝධනය නොකරන්නේ නම්, ‘බි‍්‍රක්සිට්’ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් ඉඩ ලබා නොදෙන බව ද කතානායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහා බි‍්‍රතාන්‍යය ලබන 29 වැනිදාට පෙර යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුව ඇත. අගමැතිනී තෙරේසා මේ ඒ සඳහා යුරෝපා සංගමය සමඟ සාකච්ඡුා පවත්වා ‘බි‍්‍රක්සිට්’ යෝජනාව සකස් කර තිබේ.

කෙසේ නමුත් එම ගිවිසුමට, ප‍්‍රතිවාදී කම්කරු පක්ෂයෙන් පමණක් නොව, අගමැතිනී තෙරේසා මේගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් ද ‘බි‍්‍රක්සිට්’ යෝජනාවට විරෝධයක් එල්ල වී ඇත. අවස්ථා දෙකකදී එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම අවස්ථා දෙකෙහිම යෝජනාව සම්මත කර ගැනීමට අගමැතිනී තෙරේසා මේට හැකියාවක් නොලැබුණි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS