‘බි‍්‍රක්සිට්’ කල් දාන්න බි‍්‍රතාන්‍ය අගමැති සැරැසෙයි



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ කි‍්‍රයාවලිය තවත් මාස කිහිපයක් ප‍්‍රමාද කිරීමට බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙෙරේසා මේ උත්සාහ ගන්නා බව එරට පුවත් සේවා වාර්තා කරයි.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ කි‍්‍රයාලිය ලබන 29 වැනිදා කි‍්‍රයාත්මක වීමට නියමිතය.
ඒ සඳහා බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, යුරෝපා සංගමය සමඟ සාකච්ඡා‍ පවත්වා සකස් කළ ‘ඉවත් වීමේ’ බි‍්‍රක්සිට් යෝජනාවට, ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් පමණක් නොව, අගමැතිනියගේ පාලක කොන්සවර්ටිව් පක්ෂයෙන් ද දැඩි විරෝධයක් එල්ල වී ඇත. එහෙයින් ‘බි‍්‍රක්සිට්’ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අගමැතිනියට හැකියාවක් ලැබී නැත.

පසුගියදා අගමැතිනී තෙරේසා මේ සකස් කළ යෝජනාවට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කතානායක බර්කව්ගෙන් විරෝධයක් එල්ල විය.  කතා නායකවරයා එම අවස්ථාවේදී අවධාරණය කළේ, අගමැතිනී තෙරේසා මේ ‘බි‍්‍රක්සිට්’ යෝජනාව යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම්, එහි මූලික කරුණු කාරණා සියල්ල සංශෝධනය කරමින් ඉදිරිපත් කළ යුතු බවය. එසේ සංශෝධනය නොකරන්නේ නම්, ‘බි‍්‍රක්සිට්’ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් ඉඩ ලබා නොදෙන බව ද කතානායකවරයා පෙන්වා දුන්නේය

මීට පෙර, අවස්ථා දෙකකදී එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම අවස්ථා දෙකෙහිම යෝජනාව සම්මත කර ගැනීමට අගමැතිනී තෙරේසා මේට හැකියාවක් නොලැබුණි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS