‘බිම්ස්ටෙක්’ සමුළුව නේපාලයේ



‘බහුආංශික තාක්ෂණික සහ අර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය’ හෙවත් ‘බිම්ස්ටෙක්’ සමුළුව ඊයේ 30 සහ අද 31 දෙදින නේපාලයේ කත්මණ්ඩු අගනුවරදී පැවැත්වෙයි.

‘බිම්ස්ටෙක්’ සමුළුව ආරම්භ කෙරුණේ දකුණු ආසියානු කලාපීය රටවල රාජ්‍ය නායකයන්ගේ එකමුතුවෙනි. ඒ, මීට වසර 21 කට පෙර, 1197 වසරේදීය. ‘බිම්ස්ටෙක්’ මූලස්ථාන කාර්යාලය ඇත්තේ බංග්ලාදේශයේ ඩකා අගනුවරය. ‘බිම්ස්ටෙක්’ සමුළුවට එක් වන රටවල් වන්නේ බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තයයි.

මෙවර සමුළුවේදී ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සමුළුවේ සභාපති ධුරය ද හිමිවිය. සභාපති ධුරය වසර කීපයකට වරක් වෙනස් වෙයි. 2014 වසරේ සිට මේ දක්වා සමුළුවේ සභාපති ධුරය හෙබවූයේ නේපාලයයි.

ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් පවතින අර්බුද සහ අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා, එකමුතුව ඒවාට විසඳුම් සෙවීම බිම්ස්ටෙන් සමුළුවට සහභාගී වන රාජ්‍ය නාකයන්ගේ අරමුණ විය.

මෙවර සමුළුවේදී ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතරේ විශේෂ හමුවක් ද පැවැත්වුණු අතර, ඉන්දු ශ්‍රී ලංකා සබඳතා එහිදී ශක්තිමත් විය.

(එන්.ඞී.ටීවී.)

 


RECOMMEND POSTS