‘බිග් බෙන්’ සිවු වසරකට නිහඬ වෙයි



බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට සම්බන්ධ, ලන්ඩනයේ අභිමානය ලෙස ද සැලකෙන ‘බිග්බෙන්’ ඔරලෝසුවේ අලුත්වැඩියා කටයුතු ලබන සතියේ ආරම්භ කරන බවත්, ඒ සඳහා සිවු වසරක් ගත වනු ඇති බවත් වාර්තා වේ.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට සම්බන්ධ, ලන්ඩනයේ අභිමානය ලෙස ද සැලකෙන ‘බිග්බෙන්’ ඔරලෝසුවේ අලුත්වැඩියා කටයුතු ලබන සතියේ ආරම්භ කරන බවත්, ඒ සඳහා සිවු වසරක් ගත වනු ඇති බවත් වාර්තා වේ.පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබුණේ ‘බිග්බෙන්’ සිවු වසරක් සඳහා නිහඬ වනු ඇතැයි කියාය.

19 වැනි සියවසේ ඉදි කළ බිග්බෙන් ඔරලෝසුව සහ කුලුන බාරව කටයුතු කරන්නේ ස්ටීව් ජැග් ය. ඔරලෝසුව සහ කුලුනේ නඩත්තු කටයුතු සිදු කෙරන ආකාරය සම්බන්ධයෙන් ස්ටීව් ජැග් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් ද කළේය.

වසර 157 ක ඉතිහාසයකට හිමිකම් කියන බිග්බෙන් ඔරලෝසුව වසර හතරක් තරම් දීර්ග කාලසීමාවක් සඳහා නිහඬව තැබෙන පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

බිග්බෙන් ඔරලෝසු කුලුන ‘එලිසබත් කුලුන’ යන නමින් ද හැඳින්වෙයි. ඒ, එලිසබත් රැජිනට ගරු කිරීමක් ලෙසිනි. බිග් බෙන් ඔරලෝසුව ටොන් 13.7 ක් බරය. කුලුන මීටර් 96 ක් උසය. සෑම මිනිත්තු 15 කට වරක්ම එහි වේලාව නාද වෙයි.

ලබන සතියේ සිට නිහඬ වන බිග් බෙන් ඔරලෝසුව යළි ක්‍රියාත්මක වනු ඇත්තේ 2021 වසරේ අලුත් අවුරුදු උදාව සිදුවෙද්දී යැයි ද පැවැසෙයි. ‘බිග් බෙන්’ යනුවෙන් ඔරලෝසුව සහ කුලුන හැඳින්වුවත්, ‘බිග් බෙන්’ යනු ඔරලෝසුවේ ඝන්ඨාව හඳුන්වන නම යැයි ද බ්‍රිතාන්‍ය පුවත් පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS