‘පද්මාවත්’ මුස්ලිම් මැලේසියාවේ තහනම්



ඉන්දියාවේ හින්දු ජාතිකවාදීගේ විරෝධයට හේතුවක් වුණු ‘පද්මාවත්’ බොලිවුඞ් චිත්‍රපටය මුස්ලිම් රාජ්‍යයක් වන මැලේසියාවේ තහනම් කර ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.

ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන් චිත්‍රපටයට විරෝධය දක්වා ඇත්තේ, චිත්‍රපටයේ පද්මාවතී කුමරිය සහ ඇය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණෙන මුස්ලිම් ආක්‍රමණිකයා සුල්තාන් කිල්ජි අතරේ ආදර සම්බන්ධයක් පෙන්නුම් කරන විදියේ දසුන් සහ ගීතයක් තිබීම නිසාය.

පසුගිය 25 වැනිදා සිට චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ එම දසුන් ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය විසින් ඉවත් කර සංශෝධනයට ලක් කිරීමෙන් ද පසුවය. ‘පද්මාවතී’ යනුවෙන් නම් කර තිබුණු එම චිත්‍රපටය ‘පද්මාවත්’ යනුවෙන් ද වෙනස් කෙරුණි. එසේ වුවත්, චිත්‍රපටයට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ප්‍රදර්ශනය තහනම් කරමින් මැලේසියානු රජය පවසා ඇත්තේ තම රටේ වෙසෙන ඉන්දීය ජාතිකයන් ගැන සළකා බලා ඔවුන් ගැන සිතා චිත්‍රපටය ප්‍රදර්ශනය නොකිරීමට තීරණය කළ බවය. ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ එය ඉස්ලාම් දහමට සංවේදී චිත්‍රපටයක් කියාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS