‘ජොන්සන්’ එන්නතට කැනඩාවේ අනුමැතිය



ඇමෙරිකාවේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සාමගම නිපදවූ ‘කොවිඩ් 19’ ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත ඇණවුම් කිරීමට කැනඩාව තීරණය කර තිබේ.

ඒ අනුව, කැනඩා වැසියන්ට හිමිවන සිවුවැනි කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ මෙයයි. මේවනවිටත් ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් ද ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ද කැනඩා වැසියන්ට ලැබේ.

ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන අන්දමට, මෙතෙක් නිපදවා ඇති හොඳම කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතය.

මෙම එන්නත එක් මාත්‍රාවක් පමණි. නිවසේ ශීතකරණය තුළ පවා ගබඩා කර තැබිය හැකි මෙම එන්නත, මෙතෙක් හඳුනාගෙන ඇති ‘කොවිඩ් 19’ වයිරස විකෘති සියල්ල මර්දනය කිරීමට සමත් වන බව ද තහවුරු වී තිබේ.

ඔටෝවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS