‘කට්’, ‘කොපි’ සහ ‘පේස්ට්’ නිර්මාතෘ මියයයි



පරිගණක භාවිත කරන ඔබට ‘කට්’, ‘කොපි’ සහ ‘පේස්ට්’ යන විධාන භාවිතය අලුත් දෙයක් නොවෙයි. පරිගණක මෘදුකාංගවලින් ඔබ කරන කාර්යයන් බොහොමයකට මෙම විධාන 3 අවශ්‍ය වෙයි. එය ඔබේ කාර්යයන් පහසු කරයි.

පරිගණක ලොව ප්‍රචලිත වෙද්දී, ‘කට්’, ‘කොපි’ සහ ‘පේස්ට්’ යන විධාන පරිගණකයට එක් කළ ලැරී ටෙස්ලර් පසුගිය දා ලොවෙන් සමුගත්තේය. 1945 වසරේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර උපන් ටෙස්ලර් කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.

ටෙස්ලර් පරිගණක හා සම්බන්ධ වූයේ 1960 දශකයේය. ඒ, සිලිකන් වැලී හි පරිගණක ලොවට හඳුන්වා දුන්නේ මෙම කාලයේය. ලැරී ටෙස්ලර් සිය දිවියෙන් වැඩි කාලයක් ගත කළේ සීරොක්ස් සමාගම සමඟ එක් වෙමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS