‘අලි බාබා’ නිර්මාතෘ විශ්‍රාම යයි



අන්තර් ජාලය හරහා භාණ්ඩ අලෙවිකරණයේ පුරෝගාමියා ලෙස සැලකෙන ‘අලි බාබා’ ව්‍යාපාරයේ නිර්මාතෘ මෙන්ම චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස ද සැලකෙන ජැක් මා ලබන 10 සිය 54 වැනි උපන්දිනය සමරන අතර, අලි බාබා ව්‍යාපාරයෙන් තමන් විශ්‍රාම ගන්නා බව ද පවසා ඇත.

තමන් තවදුරටත් අලි බාබා ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ රැඳී සිටින්නේ නැති බවත්, සමාජ සේවා වැඩසටහන්වල නියැලෙන බවත් ජැක් මා පවසා ඇත. අන්තර් ජාලය හරහා දක්ෂ ව්‍යාපාරිකයකු ලෙස ඉදිරියට පැමිණීමට පෙර ජැක් මා ඉංග්‍රීසි ගුරුවරයෙකු විය.

යළි ගුරුවරයකු වීමට තමාගේ කැමැත්තක් ඇතැයි ජැක් මා පවසා ඇත. ඔහු මෙසේ පවසා ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS