ෆ්ලොරීඩා ගුවන්තොටුපොළේ වෙඩි තැබීමකින් පහක් මියයති



ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ෆෝට් ලෝර්ඬේල් නමැති  ගුවන්තොටුපොළේ පසුගිය 7 වැනිදා සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගලයෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 8 කි.

වෙඩි තැබීම සිදු කෙළ් එස්ටෙබාන් සැන්ටීගෝ නමැති 26 හැවිරිදි තරුණයා බව පසුව අනාවරණය විය. පොලිසිය ඔහු අල්ලා ගත් බවත් මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුවන බවත් එෆ්.බී.අයි. කාර්යාංශය පවසයි.

එය ත්‍රස්ත ක්‍රියාවක් යැයි මුලින් අනුමාන කළත් එෆ්.බී.අයි. පරීක්ෂකයන් පසුව කියා සිටියේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවය. වෙඩි තැබීමේ සිද්ධිය ගැන පරීක්ෂණ කටයුතු දිගටම පැවැත්වෙයි.

 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS