ෆ්රැන්ක්ෆර්ට් නුවරින් ලෝක යුද්ධ බෝම්බයක්



ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්  නුවර ජනාකීර්ණ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ල තිබී දෙවන ලෝක යුද සමයට අයත්ව තිබූ විශාල ප්‍රමාණයේ  බෝම්බයක් සොයා ගැනීමත් සමඟ එම ගොඩනැගිල්ල අසල ජීවත්වූ හැට දහසකට අධික පදිංචිකරැවන් පිරිසක් වහා ඉවත් කරනු ලැබ ඇත.

එම බෝම්බය සොයා ගත් ප්‍රදේශය ඉතාම ජනාකීර්ණ ජර්මන් මහ බැංකු සංකීර්ණයක් පවා පිහිටි වෙළඳපොළ ආශ්‍රිත ප්‍රදේශයක් යැයි ද ජර්මන් පොලීසිය කියා සිටී. සොයා ගත් එම විශාල බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට බෝම්බය තිබූ ගොඩනැගිල්ලේ සිට කිලෝමීටර් 1.5 යන වපසරියක සිටි ජනතාව ඉවත් කළ බව වාර්තාවේ.එම බෝමබය නිෂ්ර්‍කීය කිරීමට පැය දෙකකට ආසන්න කාලයක් පොලිස් බෝම්බ නිෂ්ක්‍රීය අංශයට ගත වී ඇත.

එසේම පළාතේ තිබූ සියලුම පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවාවන් වහා ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට ජර්මන් පොලීසිය කටයුතු කර තිබිණි.තවද ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටපළෙන් පියාසාර කිරීමට නියමිතව තිබූ පෞද්ගලික ගුවන්යානා ,හෙළිකොප්ටර් ,ඩ්‍රෝන යානා පියාසර කරවීමද තාවකාලිකව නතර කරනු ලැබීය.

දෙවන ලෝක යුද සමයෙන් පසුව මෙලෙස ෆ්‍රැන්ක්ෆර්ට් හි ජනතාව විශාල වශයෙන් වහා ඉවත් ප්‍රථම අවස්ථාව මෙය වන බවද ජර්මන් බලධාරීහු පවසති.එම බෝම්බය 1939-45 කාලය තුළ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව  විසින් හෙලූ එකක් බවද පැවසේ.

සමාන්‍ය යෙන් ජර්මනිය තුළ වසරකට ටොන් 2000කට බරැති සක්‍රීය බෝම්බ ගණනාවක් සොයා ගැනේ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS