හිමාල කන්දේ කුණු ගොඩගැහිලා



ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් අවට කසළ ටොන් 4 කට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත්, ඒවා ඉවත් කිරීමට පස් දින ශ්‍රමදානයක් ආරම්භ කර ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම පස් දින කසළ පිරිසුදු කිරීමේ ශ්‍රමදානය ආරම්භ කර ඇත්තේ චීන පරිසරවේදීන්ගේ එකමුතුවෙනි. එවරස්ට් ශිඛරයට නේපාලය දෙසින් පමණක් නොව චීනය දෙසින් ද සංචාරකයෝ පැමිණෙති. සෑම වසරකම චීනය දෙසින් පැමිණෙන සංචාරකයන් ගණන 60,000 ඉක්මවන බව ද වාර්තා වේ.

හිමාල කන්ද සහ හිමාල අඩවිය ආශ්‍රිතව මෙසේ කසල එක් රැස් වී ඇත්තේ හිමාල කන්ද තරණයට පැමිණෙන පිරිස් හේතුවෙනි. අඩි 17,000 ත්, 21,300 ත් අතර මෙම කසළ  එක් රැස් වී ඇතැයි ද වාර්තා වේ. හිමාල කන්ද තරණයට පැමිණෙන පිරිස්, කඳවුරු බැඳ සිටින්නේ මෙම ස්ථානවලය. කසළ ලෙස එක්රැස් වී ඇත්තේ ඔක්සිජන් ටැංකි, කූඩාරම්, ප්ලාස්ටික් බෑග, ටින් සහ පිගන් කෝප්ප ආදියයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS