හැරී කුමාරයාට අනතුරු ලිපියක්



ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල් සමඟ විවාහ වීමෙන් වළකින්නැයි බ්‍රිතාන්‍යයේ හැරී කුමරුන්ට ලිපියක් ලැබී ඇතැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි.

හැරී කුමරුන්ට මෙම ලිපිය යවා ඇත්තේ මේගන් මකෙල්ගේ අඩ සොයුරා වන 51 හැවිරිදි තෝමස් මාකෙල් ජූනියර් (කණිෂ්ඨ) ය. මේගන් මාකෙල්ගේත් තෝමස් මාකෙල් ජූනියර්ගේත් පියා එකම තැනැත්තෙකි.

තෝමස් මාකෙල් ජූනියර් හැරී කුමරුන්ට එම ලිපිය යවා ඇත්තේ සිය අත්අකුරිනි. ඬේලිමේල් වෙබ් අඩවිය එම ලිපිය ද ප්‍රසිද්ධියට පත් කර තිබේ.

36 හැවිරිදි මේගන් මාකෙල් ඇමෙරිකන් ජාතික තරුණියකි. හැරී කුමරු 33 හැවිරිදි වියෙහි පසුවෙයි. මේගන් මකෙල් මීට පෙර විවාහ වී සිටි තැනැත්තියකි. මේගන්ගේ අඩ සොයුරු තෝමස් මාකෙල් ජූනියර් ජීවත් වන්නේ ඇමෙරිකාවේ ඔරෙගන් ජනපදයේය.  තෝමස් මාකෙල් ජූනියර් සිය ලිපිය හරහා පවසා ඇත්තේ මේගන් මාකෙල් අඥාන, උද්දච්ච තැනැත්තියක බවත්, ඇය සමඟ විවාහ වුවහොත් හැරී කුමරුන්ට පසු තැවීමට සිදුවනු ඇති බවත්ය.

හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ මංගල උත්සවය තව නොබෝ දිනකින් පැවැත්වෙනු ඇත. දෙදෙනා විවාහ ගිවිස ගත්තේ පසුගිය වසරේදීය. හැරී සහ මේගන්ගේ මංගල උත්සවය මෙම වසරේ කැපී පෙනෙන රාජකීය මංගල උත්සවය වනු ඇතැයි ද පැවැසෙයි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS