හමුදා සහයෝගීතාව අවසන්



දශක දෙකක් පුරාවට ඇමෙරිකාව සහ පිලිපීනය අතර පැවැති හමුදා සහයෝගීතාව අවසන් කිරීමට පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටරේට්ස් ඊයේ (12) කටයුතු කළේය. ඒ අනුව, ඊයේ (12) සිට නිල වශයෙන් ඇමෙරිකා පිලිපීන හමුදා සහයෝගීතාව අවසන් විය.

පිලිපීන ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකන් රජය සිය අප්‍රසාදය පළ කර ඇත. ඇමෙරිකන් ආරක්ෂක ලේකම් මයික් එස්පර් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ පිලිපීන ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් කනගාටුව පළ කර ඇතැයි ද වාර්තා වේ.

හමුදා සහයෝගීතාව යටතේ ඇමෙරිකන් කරු පිලිපීනයේ පවත්වාගෙන යෑමට ඇමෙරිකාවට හැකිවිය. ඒ අසියානු කලාපයේ සිය බලය පෙන්වමිනි.

පිලිපීන ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් චීනයේ ප්‍රසාදය පිලිපීනයට හිමිවී ඇත. පිලිපීන ජනාධිපති ඩුටරේට්ස් ඇමෙරිකානු හිතවාදියකුට වඩා චීන හිතවාදියෙකි.
ජනපති ඩුටරේට්ස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පමණක් නොව ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙය ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් විය. ඒ අනුව, ඇමෙරිකාවත් පිලිපීන ජනාධිපතිවරයාත් අතර අර්බුදයක් නිර්මාණය විය. ජනපති ඩුටරේට්ස් ඇමෙරිකාව සමඟ හමුදා සහයෝගීතාව අවසන් කළේ ද හටගත් මත ගැටුම් හේතුවෙනි.

මැනිලාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS