හමුදා පාලකයන්ට ලෝක නායකයන්ගේ අප්‍රසාදය



මියන්මාරයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ලෝක නායකයන් බොහෝ දෙනකු සිය අප්‍රසාදය පළ කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ මියන්මාර හමුදාව, එරට බලය අත්පත් කර ගැනීම සැලවීමෙන් තමන් කම්පනයට පත් වුණු බවය.

ඔස්ටේලියා රජය වෙනුවෙන් එරට විදේශ අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (1) උදෑසන ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් සූ කී ඇතුළු පක්ෂ නායකයන් වහා නිදහස් කරන ලෙසය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් කියා සිටියේ මියන්මාරයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය තමන් කිසිසේත් අනුමත නොකරන බවය.

බලය අත්පත් කර ගැනීමෙන් පසු මියන්මාර හමුදාව හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේය. වසරක් පුරා හදිසි නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS