හමුදා අතරේ තවමත් දරුණු ගැටුම්



ආමේනියාවත් අසර්බයිජානයත් අතර තවමත් සටන් විරාමයක් ආරම්භ වී නොමැති බවත්, දෙරට හමුදා දිගට හරහට එකිනෙකාට පහර දෙන බවත් වාර්තා වේ.

අතීතයේ ආමේනියාව සහ අසර්බයිජානය සෝවියට් සමූහාණ්ඩුවට අයත් විය. දෙරට අතර යුද ගැටුම් ඇවිලෙන්නේ දෙරටම නගොර්නෝ කරබාක් පළාත මුල්කොට ගනිමිනි. නගොර්නෝ කරබාක් පළාත, අසර්බයිජානයට අයත් යැයි ජාත්‍යන්තරයේ පිළිගැනීමය. කෙසේ නමුත් නගොර්නෝ කරබාක් පළාතේ ජීවත් වන බහුතරය ආමේනියානුවන්ය.්‍

ඊයේ (4) දිනයේ ආමේනියානු හමුදාව එල්ල කළ රොකට් ප්‍රහාරවලින් අසර්බයිජානයේ ගන්ජා සහ බාකු නගරයේ නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත් සිවිල් වැසියන් දෙදෙනකු මියගිය බවත් පැවැසෙයි.

බාකු නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS