සෝමාලි ඇමති ඝාතනය කරයි !



සෝමාලියානු ආරක්ෂ අංශ එරට අමාත්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ආරක්ෂ අංශ ත්‍රස්තවාදියෙකු යැයි සිතා අත්වැරදීමකින් 31 හැවිරිදි අබ්දුල්හායි ෂෙයික් අබාස් නමැති මෙම අමාත්‍යවරයා වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

මොගඩිෂු නුවර ජනාධිපති මන්දිරය ආසන්නයේදී වෙඩි තැබීම සිදුව ඇති අතර ඔහු සිය රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇත.මේ හේතුවෙන් සෝමාලියානු ජනාධිපතිවරයා සිය ඉතියෝපියා සංචාරය ද අවලංගු කර තිබේ.

සෝමාලියා ආරක්ෂක අංශ මොගඩිෂු නුවර වෙඩි තැබීම සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන කැරලිකරුවන් සමග ගැටුම් පවතී.නියඟය සහ යුද්ධය හේතුවෙන් රටින් පලා ගොස් කෙන්යාවේ කඳවුරක ජීවත් වී පසුව යළි සිය රට පැමිණි අයෙකි.

පොදු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අබ්දුල්හායි ෂෙයික් එරට හිටපු මන්ත්‍රීවරයෙකු පරාජය කරමින් මන්ත්‍රී ධුරයකට පත් ලාබාලතම මන්ත්‍රීවරයා ය.සෝමාලියාවේ බොහෝ ප්‍රදේශ තවදුරටත් අල්ඛයිඩා සංවිධානයට සම්බන්ධ අල්- ෂබාබ් කැරලිකරුවන්ලේ පාලනය යටතේ පවතී.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි

 


RECOMMEND POSTS