සුනඛ මාංශ තහනමක්



මාංශ ආහාරයට ගැනීමෙන් වැලකී සිටින ලෙසට වියට්නාමයේ හැනොයි අගනුවර බලධාරීන් නගරවාසීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එය ශිෂ්ඨ හා නවීනත්වයට පත් වූ නගරයේ ප්‍රතිරූපයට හානි කරන්නක් මෙන්ම ජලභීතාකාව වැනි රෝග ඇති වීමට හේතු වන්නක් බව සඳහන් කරමින් හැනොයි බලධාරීන් මෙම ඉල්ලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බලධාරීන්ගේ එම ඉල්ලීම ඇතැමුන්ගේ ප්‍රසාදයට ලක් වුවද ආහාර පුරුදුවලින් ඈත් වීම පහසුවෙන් සිදුකල  නොහැක්කක් බව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිචාර දක්වමින් එරට ඇතැම් පිරිස් සඳහන් කර තිබේ.

මේ වන විටත් හැනොයි නුවර සුනඛ හා බළලුන් ආහාරය සඳහා අලෙවි කරන වෙළඳසැල් දහසකට අධික සංඛ්‍යාවක් පවතින නමුත් වර්තමානය වන විට සුනඛ මස් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරන්නන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි වියට්නාම බලධාරීන් පවසන්නේ.

( තිළිණි ද සිල්වා )
චයිනා ඩේලි


RECOMMEND POSTS