සිරිල් රැම්පෝසා යළි ජනපති ධුරයට



දකුණු අප්‍රිකා මහ මැතිවරණයෙන් අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කිරීමත් සමඟ දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට සිරිල් රැම්පෝසාට අවස්ථාව උදාවිය.

අප්‍රිකානු ජාතික කොංග්‍රසය, ජනාධිපති ධුරයට යෝජනා කර තිබුණේ රැම්පෝසාගේ නම පමණි. ඒ අනුව, මැතිවරණ ජයත් සමඟ නීතිපති මොගොයෙන්ග් මොගොයෙන්ග් පාර්ලිමේන්තුවට දන්වා සිටියේ, රැම්පෝසා දකුණු අප්‍රිකාවේ ජනපති ධුරයට පත්වනු ඇති බවය.

දකුණු අප්‍රිකා මැතිවරණය පැවැත්වූයේ පසුගිය 8 වැනිදාය. පාර්ලිමේන්තුවේ ආසන 400 න් ආසන 230 ක් දිනා ගැනීමට අප්‍රිකානු ජාතික කොංග්‍රසය සමත් විය.

දූෂණ වංචා චෝදනා එල්ල වීමෙන්, ජනපති ධුරයේ කටයුතු කළ ජේකොබ් සූමා පසුගිය වසරේ ධුරයෙන් ඉවත් විය. කලක් ඔහුගේ දෙවැනියා ලෙස ද කටයුතු කළ 66 හැවිරිදි රැම්පෝසා ජනපති ලෙස පත් කර ගැනීමට අප්‍රිකානු ජාතික කොංග්‍රසය පියවර ගත්තේය.

1996 වසරේ සකස් කරගත් දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ග්‍රහණය කරන පාලක පක්ෂය ඔවුන් විසින් නම් කරන අපේක්ෂකයා ජනපති ලෙස පත් කර ගැනීම සිදු කරයි.

කේප්ටවුන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS